ඓතීහාසික සෙංකඩගල පුරවරයේ ,නවයාලතැන්න ග්‍රාමයේ පිහිටි සමුද්‍රදේවී බාලිකා විද්‍යාලයේ උපත ක්‍රි.ව. 1905 තරම් ඈතට දිව යන්නකි.
වර්ෂ 1890 දී ගම්වාසින් විසින් පිහිටුවන ලද අමද්‍යප සමිතිය 1905 දී පාසලක් බවට පත් විය. එහි පළමු ශිෂ්‍යා වූයේ ඒ. රත්නායක නමැති දරුවායි. ඔහු පසු කලෙක මෙරට සෙනට් සභාවේ සභාපති ධුරය දැරීය. කහල්ල බාලිකා නමින් ඇරඹුනු විදුහල එම වර්ෂය තුලදීම පරම වී{නාර්ථ බෞද්ධ සංගමයට භාර කර ඇත. එවකට එහි ප්‍රාදේශීය කළමනාකාර ධුරයට පත් වූ පි.බී. රත්නායක මහතා විසින් පාසල් ගොඩනැගිල්ල 35x18 ප්‍රමාණයට විශාලා කිරීමේ කාර්යයට උර දී ඇත. ක්‍රමයෙන් පාසල ප්‍රගතිය කරා පිය ඔසවා ඇති අතර පන්ති තුන්වන ශ්‍රේණිය දක්වාද ගුරු මණ්ඩලය තිදෙනෙකු දක්වාද වර්ධනය විය.
එමෙන්ම මෙහි සේවය කරන ලද විදුහල්පතිනියන් වන ඩබ්.ජි. ලීලාවතී මහත්මිය, එම්.ජි.පෙරේරා මහත්මිය , ෆොන්සේකා මහත්මිය යන ඇය මෙම විදුහල තව දුරටත් වැඩිදියුණු කිරීමට කටයුතු කර ඇත.
වර්ෂ 1932 සැප්තැම්බර් මාසයේ මෙහි විදුහල්පතිනිය වශයෙන් ඩබ්.ඩි.සි. සිල්වා මහත්මිය වැඩ භාර ගන්නා විට, පස්වන ශ්‍රේණිය දක්වා පන්ති පැවැත්වීමට තරම් පාසල වැඩි දියුණුව පැවති ඇත. වර්ෂ 1934,1936 යන වර්ෂ වල මැලේරියා රෝගීන්ගේ ආරෝග්‍ය ශාලාවක් ලෙස මෙම පාසල් ගොඩනැගිල්ල භාවිතා කර ඇත. මෙවකට ශිෂ්‍ය සංඛ්‍යාව 60 ක් පමණ වූ අතර ඉඩ කඩ ප්‍රමාණයද සීමිත විය. එබැවින් නවයාලතැන්නෙහි පදිංචිව සිටි පෙරේරා මහතාගේ නිවසෙහි කොටසක සිසුන්ගේ ඉගෙනීම් කටයුතු කරගෙන යාමට පහසුකම් සලසා ඇත. මෙම වකවානුවේදී පාසලේ ඉදිරිපස ගොඩනැගිල්ල පාසලක් ලෙසින්ද, 1938 දි රෙදි විවීමේ පාසලක් ලෙසටද පැවති ඇත.
අපගේ භාෂාව සිංහල වුවද දෙවන භාෂාව වූ ඉංග්‍රීසි බසෙහිද වැදගත්කම වැඩිවෙමින් පැවතෙන යුගයක් වූ බැවින් 1939 වසරේ සිට එය විෂයක් ලෙස හැදෑරීමට පාසලේ සිසුන්ට අවස්ථාව උදාවිය . එවකට විදුහල්පතිනිය වුයේ බී.පි.ආර්.ජි. පෙරේරා මහත්මියයි.
1942 වසර වන විට 8 වන ශ්‍රේණිය දක්වාද 1945 දී ජෙHIAG පන්ති පැවැත්වීමටද හැකියාව ලැබී ඇත.මේ අතර 1947 වසරේ ඇති වූ ගැන වතුර හේතුවෙන් පාසලට අලාභ හානිද සිදු වී ඇත.
1963 දක්වා අධ්‍යක්ෂ පාලක පාසලක් වූ මෙය 1963 මැයි සිට රජයට පවරා ගන්න ලදි. එහි ප්‍රථම විදුහල්පතිනිය වුයේ ඩබ්.ඩි.සි. සිල්වා මහත්මියයි. ඉන් පසුව ඊ . ගුණවර්ධන මහත්මිය විදුහල්පතිනිය ලෙස වැඩ භාර ගෙන ඇත. 1965 එතුමිය විශ්‍රාම යන විට සිසුන් 210 ක් ද ගුරු මණ්ඩලය 10 දෙනෙක්ද ලෙස වර්ධනය වී ඇත.
1966 ජනවාරි මස ඩබ්.ජි.වීරසිංහ මහත්මිය විදුහල්පති ධුරයට පත් වී ඇත. 1969 ජනවාරි මස සිට පාසලේ නිල ඇදුමක් භාවිතා කෙරී ඇත. ඉන් අනතුරුව විදුහල්පතිනිය ලෙස පත් වුයේ ආර්.එල්.එම්. සෙනෙවිරත්න මහත්මියයි. පසුව අකුරැස්ස මහත්මිය විදුහල්පති ධුරය දරා ඇත. එතුමියගේ විශ්‍රාම යාමෙන් අනතුරුව 1976-1982 කාලය තුල ඒ.පි. කොඩිතුවක්කු මහත්මිය විදුහල්පතිනිය ලෙස කටයුතු කර ඇත. 1982 නොවැම්බර් මස සිට 1983 ජුනි මස තෙක් ඩබ්.එම්.සිල්වා මහත්මිය වැඩ බලන විදුහල්පති ලෙස සේවය කල අතර 1983 ජුනි මස සිට 1994 දෙසැම්බර් මස තෙක් එල්. යු විජේසුන්දර මහත්මිය විදුහල්පති ධුරය හෙබවීය. එම කාලය තුලදී විදුහලට තෙමහල් ගොඩනැගිල්ලක් ලැබුණු අතර ප්‍රථම වරට 1988 වසරේ අ.පො.ස. ( ස.පෙළ) විභාගයට සිසුන් ඉදිරිපත් කරන ලදි. 1994 නොවැම්බර් මස සිට 1996 ජුනි මස තෙක් ඩි.වීරසිංහ මහත්මිය විදුහල්පතිනිය ලෙස සේවය කල අතර ඇගේ හදිසි අභාවය හේතුවෙන් 1996 ජුනි මස 12 දින සිට එවකට විදුහලේ උප ගුරුවරියක වූ සි.කේ.කුරේ මහත්මිය වැඩ බලන විදුහල්පති ධුරයට පත් විය. මේ අතර විදුහල්පතිනියගේ පුරප්පාඩු මගහරවමින් 1997 ජනවාරි මස සිට එම්.ටි.අයි. ද සිල්වා මහත්මිය වැඩ භාර ගෙන ඇත. සි.වීරසිංහ විදුහල්පතිනියගේ පාලන වකවානුවේදී කහල්ල බාලිකා යන නාමය සමුද්‍රදේවී බාලිකා විදුහල යන නමින් වෙනස් කිරීමට කටයුතු කර ඇත. දශක නවයකටත් වඩා ඉපැරණි ගාම්භීර ඉතිහාසයකට උරුමකම් කියන සමුද්‍රදේවී බාලිකා විදුහල කුසලතා, ආකල්ප වලින් පරිපුර්ණ වූ දරුවන් රටට දායාද කිරීමට නිරතුරුව කැපවී සිටි.
වර්ෂ 2011/03/02 දින එම්.ටි.අයි.ද සිල්වා මහත්මිය විශ්‍රාම ලැබූ අතර විදුහල්පති ධුරයට ආර්.ඒ.යු. ආර්. රණවීර මහත්මිය පත් වුවාය.නියෝජ්‍ය විදුහල්පති වන්නේ ඩි.එම්.ඒ.බී.ධර්මකීර්ති මහතාය.22/ 12/ 31 දින ආර්. ඒ. යු. ආර් රණවීර මහත්මිය විශ්‍රාම යාමෙන් අනතුරුව වැඩ බලන විදුහල්පති වශයෙන් ඩි.එම්.ඒ.බී.ධර්මකීර්ති මහතා පත් වූ අතර 2023/02/23 දින සිට එම පුරප්පාඩුව පුරවමින් ඉනෝකා එන් ගමආරච්චි මහත්මිය විදුහල්පති වශයෙන් වැඩභාර ගන්නා ලදි.
|
ආරම්භ කළ වර්ෂය |
1905 |
|
එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව |
03 |
|
පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව |
15 |
|
මුල් ගුරුතුමාගේ නම |
ඩබ්.ජි. ලීලාවතී මහත්මිය |
|
පාසලේ ආදි කතෘගේ නම |
ගම්වාසින් විසින් පිහිටුවන ලද |
|
පාසලේ මුල් ගොඩනැගිලි ගණන |
01 |
|
පාසලේ නම |
කහල්ල බාලිකා විදුහල |
|
පාසල භාරව කටයුතු කිරීම |
ඩබ්.ජි. ලීලාවතී මහත්මිය |
|
පාසල රජයට පවරාගත් දිනය |
1963 මැයි සිට |
|
පාසල පැවැත්වූ ස්ථානය |
නවයාලතැන්නෙහි පදිංචිව සිටි පෙරේරා මහතාගේ නිවසෙහි කොටසක |
|
ප්‍රථම ශිෂ්‍යයාගේ නම |
ඒ. රත්නායක |
|
ප්‍රථම ශීෂ්‍යයා භාරගත් වකවානුව |
1905 දී |






